hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 06, පෙ.ව. 4:52



ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් ගැන රජය තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව එම ගිණුම් මත ලබාදුන් විශේෂ පොලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍ර ලාභී බැංකු වෙත ශ්‍රී ලංකා මහ බැංකුව ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.

කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව මෙසේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් මත ලබාදෙන විශේෂ පොලී අනුපාතිය අත්හිටුවීමට කටයුතු කරන බවද එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.