hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2024 මාර්තු 28, පෙ.ව. 8:46



රාබු, කැකිරි ඇතුළු එළවළු වර්ග කීපයක කිලෝවක තොග මිල රුපියල් 20 ත් 30 ත් අතර මිලක් දක්වා අඩු වී තිබෙනවා.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ රාබු සහ පිපිඤ්ඤා කිලෝවක් ඊයේ (27) දිනයේ අලෙවි කෙරුණේ රුපියල් 20 ක තොග මිලකටය.

කැකිරි සහ මෑකරල් කිලෝවක් රුපියල් 30 ක තොග මිලකට අලෙවි කෙරුණු බව දඹුල්ල තොග වෙළෙන්දෝ කියා සිටිනවා.

එමෙන්ම,ගොටුකොළ, කංකුන් පලා මිටියක මිල රුපියල් 25 ක් දක්වාද පොළොස් ගෙඩියක මිල රුපියල් 55 ක් දක්වාද අඩුවී තිබෙනවා.

ආර්ථික මධ්‍යස්ථානයට විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් මෙලෙස මිල ගණන් අඩුවී ඇතැයි වෙළෙන්දෝ පවසනවා.

යාපනය අර්ධද්වීපයෙන් දඹුල්ලට විශාල වශයෙන් රතුලූනු තොග ඇතුළු එළවළු තොග ලැබීම නිසා පසුගිය දිනවල කිලෝවක් රුපියල් 350කට අලෙවි වූ රතුලූනු කිලෝවක මිල ඊයේ (27) වන විට රුපියල් 110 ත් රුපියල් 230ත් දක්වා අඩු වී තිබිණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: