hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 සැප්‍තැම්‍බර් 27, ප.ව. 6:17



වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසනවා.

ඒ අනුව කැරට්, බොංචි, ගෝවා ඇතුලු එළවලු මිල ගණන් තවදුරටත් ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බවත් ඔව්හු පැවසුවා.

සාමාන්‍ය වෙළෙඳපොළේ අද (27) දිනයේදී කැරට් රුපියල් 280 ක පමණ මිලකටත්, බොංචි රුපියල් 320 කටත්, ගෝවා රුපියල් 340 කටත්, තක්කාලි රුපියල් 200 කටත්, ලීක්ස් රුපියල් 300 කටත්, බණ්ඩක්කා රුපියල් 90 කටත්, වැටකොලු රුපියල් 240 කටත්, පතෝල රුපියල් 200 කටත්, වට්ටක්කා රුපියල් 60 කටත්, අමුමිරිස් රුපියල් 400 කටත්, දෙහි රුපියල් 600 කටත් ආදී ලෙස කිලෝවක් සිල්ලරට අලෙවි වී තිබුණා.

කොළඹ මැනිං වෙළදපොලේ බොංචි රුපියල් 200කටත්, කැරට් රුපියල් 150කටත්, ගෝවා රුපියල් 220කටත්, තක්කාලි රුපියල් 180 කටත්, වම්බටු රුපියල් 200 කටත්, වට්ටක්කා රුපියල 60 කටත්, අමුමිරිස් රුපියල් 150 කටත්, දෙහි 350 කටත් කිලෝව සිල්ලරට අලෙවි වන බව පාරිභෝගිකයන් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: