hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 23, ප.ව. 3:32



වාහන අමතර කොටස් මිල සියයට 300 කට අධික ප්‍රතිශතයකින් ඉහළ යෑම හේතුවෙන් වාහන හිමියන් සහ වාහන අලුත්වැඩියා කරන පුද්ගලයන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

අමතර කොටස් ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට බැංකුවට නොහැකි වීම හේතුවෙන් දැඩි හිඟයක් පවතින බවත් සහ ඩොලරය අවප්‍රමාණය වීම නිසා ආනයන කරන අමතර කොටස් මිල ද ඉහළ ගොස් ඇති බව කොළඹ පංචිකාවන්ත වාහන අමතර කොටස් අළෙවිකරුවන් පවසනවා.

මීට මාස හයකට පමණ පෙර රුපියල් 12,000 ත් 15,000 ත් අතර මිලක පැවැති එන්ජින් මවුන්ට් එකක් මේ වන විට රුපියල් 45,000 ත් 50,000 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවත් වාහනයකට එන්ජින් මවුන්ට් තුනක් හෝ හතරක් ඇති බවත් අමතර කොටස් අළෙවිකරුවෝ පවසනවා.

යුරෝපා රටවල්වල වාහනවල අමතර කොටස්වල එතරම් හිඟයක් නොමැති වුවද බහුලව භාවිතා කරන ජපන් නව සහ පැරණි වාහනවල අමතර කොටස්වල දැඩි හිඟයක් මෙන්ම විශාල මිල ඉහළ යෑමක් දැකිය හැකි බවත් ඔවුහූ වැඩිදුරටත් සඳහන් කරනවා.