hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 11, ප.ව. 12:47



එළඹෙන අගෝස්තු මාසයේ සිට මෙරටට නැවත වාහන ආනයනය කිරීම ආරම්භ කරන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

විශේෂ අනුපිළිවෙලක් යටතේ වාහන ආනයනය කිරීමට එහිදී කටයුතු කරන බවද ඒ පිළිබඳව වැඩපිළිවෙළක් ඇතුළත් කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට ලැබීමට නියමිත බවත් හෙතෙම කියා සිටියි.

පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම කියා සිටියේ වාහන අානයන කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද දැනුවත් කළ බවය.

”අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් කතා කරලා දැනුම්දීලා තියෙනවා. අපි අගෝස්තු මාසයෙන් පස්සේ යම්කිසි අනුපිළිවෙළකට පොදු ප්‍රවාහන සේවා, ප්‍රවාහන සේවා, අනෙකුත් ප්‍රවාහන සේවාවලට භාවිත කරන විකල්ප, සාමාන්‍ය වාහන, ඊට පස්සේ ලක්ෂරි වාහන. ඒ අනුව මේ කමිටුව ජූලි මාසයේ 04වැනිදා රැස්වුණා. ඒ කමිටුව මාසයක් ඇතුළත අමාත්‍ය මණ්ඩලයට අගෝස්තු මාසයේ 02වැනි සතිය වෙනකොට ඔවුන්ගේ වාර්තාව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා සුවිශේෂි අනුපිළිවෙළක් අනුව මේ වාහන ආනයනය නැවත ආරම්භ කරන්න”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: