2023 අගෝස්තු 24, පෙ.ව. 1:10
ඉදිරියේ දී රජයේ පාසල් සඳහා ගුරුවරුන් අටදහසක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා පැවසුවා.
මේ අනුව උපාධිධාරී ගුරුවරු 5500ක් සහ දෙවන භාෂා ගුරුවරුන් ලෙස ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ප්‍රතිඵල ලැබෙන තෙක් නිවෙස්වලට වී සිටින දරුවන්ට වෘත්තීය, තාක්ෂණික මෙන්ම ඉංග්‍රීසි ඇතුළු භාෂා පුහුණුවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙන බවද මේ සඳහා දිවයිනේ පාසල් 320ක් දැනටමත් තෝරාගෙන ඇති අතර එම වෘත්තීය පුහුණු වැඩසටහන ලබන වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:00