2024 ජූලි 06, පෙ.ව. 12:04
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති නාඕර් ගිලොන් මහතා අතර හමුවක් කම්කරු අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රමිකයන් සම්බන්ධයෙන් එහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමු කර තිබෙනවා.
ඊශ්‍රායලයට යැවූ පිරිස් අතරින් චෝදනා එල්ල වූ පිරිස් යළි ගෙන්වා හෝ වැරදි නිවැරදි කිරීමට කටයුතු කරන බවත් ඊශ්‍රායලයේ කෘෂි කාර්මික ක්ෂේත්රයේ ඉඩම් හිමිකරුවන් ලංකාවට ගෙන්වා ශ්‍රමිකයින් තෝරා ගැනීමට ඉඩ දෙන බවයි, එම සාකච්ඡා සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
දැනට කෘෂි, ඉදිකිරීම් පුහුණුව ලැබූ අයට වෙනත් ක්ෂේත්රවල රැකියා සඳහා යෑමට කැමැත්ත දක්වන්නේ නම් ඒ සඳහා අවස්ථා ඇති අතර කෙසේ නමුත්, මේ දක්වා ඊශ්‍රායෙල් යාමට ලියාපදිංචි වූ අයට පමණක් ප්‍රමුඛතාව දෙමින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..
“ඊශ්‍රායෙල් රාජ්‍යයට රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත් කිරීම පිළිබඳව විවිධ අදහස්, යෝජනා, චෝදනා විවිධ තැන්වලින් මතු වෙලා තියෙනවා. අද දවසේ ඊශ්‍රායෙල් තානාපතිතුමා හමු වී එහිදී දැනට පැන නැගී ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුණා.
ඒ සඳහා සාර්ථක පිළිතුරු රාශියක් අපිට ලබාගන්න පුළුවන්කම ලැබුණා. එතුමගෙ පැත්තෙන් පීබා ආයතනය සමග සාකච්ඡා කරලා නැවත අපි සමග සම්බන්ධ වන බවට දැනුම් දුන්නා.
ඊශ්‍රායලයේ පහුගිය වසරේ ඇති වූ අවසනාවන්ත තත්ත්වයත් එක්ක කෘෂිකාර්මික ක්ෂේත්රය සඳහා දිගුකාලීනව වීසා ලබා දෙන්න කළ ඉල්ලීමට ඔවුන් එකඟතාවය පළ කළා.
ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ තිබුණ හදිසි අවශ්‍යතාවය මත ඔවුන් නුපුහුණු ශ්‍රමිකයන් හෝ අපිට එවන්න කියලා කිව්වා. මොකද අපිට පුහුණුව සඳහා වෙලාවක් තිබුණේ නෑ. ඒ සඳහා මුලින්ම අයදුම් කරපු අයව අපි ඊශ්‍රායලයට යැව්වා.
නමුත්, ඔවුන්ගේ ගැටලුවක් තිබුණා පුහුණුව, සුදුසුකම් පිළිබඳව. දෙවැනි තෙවැනි අවස්ථාවල පුහුණු ශ්‍රමිකයින් යවන්න අපි කටයුතු කළා. ඊශ්‍රායෙල් ගිය අපේ ඇතැම් ශ්‍රමිකයන් ගැන යම් යම් ප්‍රශ්න තිබුණා.
ඔවුන්ගේ හැසිරීම්, වැටුප්, නවාතැන් ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමකින් තොරව ලංකාවේ වෘත්තීය සමිති කරනවා වගේ ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ග නිසා ඊශ්‍රායෙල් වතු හිමියන්ගේ තියෙන විශ්වාසය පලුදු වෙන්න පටන්ගත්තා.
ලංකාවේ ශ්‍රමිකයන්ගේ ඵලදායීතාවය ගැන ප්‍රශ්නයකුත් පැන නැගුණා. මේ හේතුව මත ඊශ්‍රායලයේ කෘෂි කාර්මික ක්ෂේත්රයේ ඉඩම් හිමිකරුවන්, වැවිලිකරුවන් ලංකාවෙන් ශ්‍රමිකයින් තෝරා ගැනීමේ මැලිකමක් දක්වනවා.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24