hit counter

2026 ජනවාරි මස 06 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 21, ප.ව. 7:18



හඳුනානොගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මේ අතර රෝගී වූ තවත් රැඳවියන් 05 දෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ මෙම වසංගත රෝගී තත්ත්වය හඳුනා නොගත් එකක් බවත් ඒ පිළිබඳව වෛද්‍යවරුන් පරික්ෂණ සිදුකරන බවත්ය.

එම වසංගත රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා ආරක්ෂිත පියවරක් වශයෙන් බන්ධනාගාරය තුළ මුඛ ආවරණ භාවිතා කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.