hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 28, ප.ව. 5:04



කඩිනමින් මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍යයට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගෙන් ඉල්ලමින්, ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ මන්ත්‍රීවරියගේ ද්විත්ව පුරවැසිභාවය සහ මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා අධිකරණයෙහි නඩු පැවරූ ඕෂල හේරත් මහතා සහ සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ මහතා විසින්.

ඔවුන් සඳහන් කළේ, සිය ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවයක් සහිත ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකාවේ රැඳී සිටින්නේ නීතිවිරෝධීව බවයි.

එහෙයින් ඇයව බ්‍රිතාන්‍යයට යළි ගෙන්වාගන්නා ලෙසයි ඔවුන් මෙම ලිපිය මගින් චාල්ස් රජුගෙන් ඉල්ලා සිටින්නේ.