hit counter

2025 මැයි මස 30 වන සිකුරාදා

2024 ජනවාරි 16, ප.ව. 5:28



දැනට ත්‍රීරෝද රථ රියැදුරන් ලෙස කටයුතු කරනු ලබන සියලුදෙනා ලියාපිදිංචි කරමින් දත්ත පද්ධතියක් සකස්කිරීමට අදාළව QR කේතයක් හඳුන්වා දෙන ලෙසට ඉදිරිපත් වූ යෝජනාව සලකා බලමින් ඉතා කෙටි කාලයක් තුළදී නව කේතය හඳුන්වාදීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ත්‍රිරෝදරථ රියැදුරන්ගේ වෘත්තීය කවුන්සිල පිහිටුවීමේ පළමු අදියර ලෙස අන්තර්වාර ආංශික මෙහෙයුම් කමිටුව අද (16) දින පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ත්‍රීරෝද රථ රියදුරන් සඳහා වූ පිහිටුවන ලබන වෘත්තීය සංවිධානය මගින් අන්තර්ජාලය හරහා ත්‍රිරෝද රථ රියදුරන්ට ගමන්වාර ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස්කිරීම සම්බන්ධවද මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

මෙරට අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සියලුදෙනා හට වෘත්තීය ගරුත්වය සහ අභිමානය ලබාදීමට ආරම්භ කළ “ගරු සරු” වැඩසටහන යටතේ මෙම මෙහෙයුම් කමිටුව පිහිටුවා ඇත.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පිහිටුවීම සිදුකෙරිණ.

මෙරට ක්‍රියාත්මක සියලුම ත්‍රිරෝදරථ රියැදුරු සංගම්වල නියෝජිතයින්ගෙන් සමන්විත අතර ඔවුන් මීට පෙර පැවැත්වූ සාකච්ඡාවන්හිදී සිය වෘත්තියේ ගරුත්වය වර්ධනය කිරීමට අදාලව එකඟතාවයට පත් වූ කරුණු සමන්විත යෝජනාවලියක්ද එහිදී අමාත්‍යවරයා වෙත භාරදෙනු ලැබුවා.