hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2024 ජූලි 11, පෙ.ව. 9:42



අද (10) වෘත්තිය සමිති නියෝජිතයින් පිරිසක් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ රාජ්‍ය සේවයේ ඒකාබද්ධ වැඩවර්ජනයට සහභාගි නොවූ පිරිස් සඳහා විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීම තුළින් රාජ්‍ය සේවයේ බෙදීම් නිර්මාණය කරන බවට චෝදනා කරමින් ය.

රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ට ලබා දීමට තීරණය කර ඇති රුපියල් 25,000 දක්වා ඉහළ නැංවූ දීමනාව තමන්ට ද ලබාදීමට කටයුතු කරන්නැයි ඉල්ලා රාජ්‍ය සේවකයින් පසුගිය දෙදින වර්ජන ක්‍රියාමාර්යක නිරත විය.

එම දෙදින වැඩ වර්ජනයට සහභාගි නොවුණු රාජ්‍ය සේවකයින් වෙනුවෙන් විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.

මේ අතර, වැටුප් විෂමතාව ඇතුළු ගැටලු‍වලට ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ රාජ්‍ය සේවයේ සියලු‍ වෘත්තිය සමිති ඒකාබද්ධව විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: