hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 10, පෙ.ව. 2:01



රිදියගම සෆාරි උද්‍යානයේ සිටින සතුන් පිළිබඳව විධිමත් ලේඛනයක් පවත්වාගෙන ගොස් නැතැයි රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වුණා.

ඒ, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදීයී.

රිදියගම සෆාරි උද්‍යානයේ සිදුවන සත්ව හිංසන සහ නිලධාරීන්ගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් දිගින් දිගටම රට හමුවේ අනාවරණ කළා.

එහිදී සත්ව ඝාතන , කූට ලේඛන සකසමින් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව ලබා දුන් ගිනිඅවි, රිදියගම සෆාරි උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සිදුකළ බව කියන බුරුත ගස් ජාවාරම් , මත්පැන් ජාවාරම් , කුරුලු බිත්තර ජාවාරම් ඇතුළු අක්‍රමිකතා අනාවරණ කළ සිදුවීම් අතරට අයත්.

රිදියගම සෆාරි උද්‍යානයේ එම අක්‍රමිකතා කෝපා කමිටුව හමුවේද සනාථ වුණා.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කෙරුණා