hit counter

2024 දෙසැම්‍බර් මස 27 වන සිකුරාදා

2023 මාර්තු 20, පෙ.ව. 10:00



මෙරටට බලපාන භූ චලන හේතුවෙන් ආපදා තත්ත්වයක් ඇතිවිය හැකි ද යන්න පිළිබඳව අවධානය යොමු කරමින් විශේෂ සිතියමක් නිර්මාණය කෙරෙන්නේ යැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වැඩබලන සභාපති වරලත් භූ විද්‍යාඥ ජානක අජිත් ප්‍රේම මහතා පැවසුවා.

මෙරට ප්‍රදේශ කිහිපයකින් පසුගිය දිනවල වාර්තා වූ සුළු භූ චලන වල දත්ත මත පදනම්ව මේ විශේෂ සිතියම සැකසෙනු ඇතැයිද හෙතෙම සදහන් කළා.

මෙම නව භූ චලන තත්ත්වයත් සමඟ ඒ සම්බන්ධයෙන් අඛණ්ඩව පර්යේෂණ කටයුතු සිදු කෙරෙන බව ද ඒ මහතා කියා සිටියා.

එම දත්ත සමග සුළු භූ කම්පන වලින් ආපදා තත්ත්වයක් ඔහු තවදුරටත් සඳහන් කළා.

ලංකාවේ භූ කම්පන තත්ත්වය ගැන සමාජ අවධානය යොමු වුණේ ඉන්දියාවේ හිමාලයා කඳු වැටිය ආශ්‍රිතව රිච්ටර් මාපක 8ක පමණ ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් නුදුරේදීම සිදුවිය හැකි බවට හයිද්‍රාබාද් හි ජාතික භූ විද්‍යා පර්යේෂණ ආයතනය කළ අනතුර ඇගවීමෙන් පසුවයි.

හිමාලයේ ධර්ම්ශාලා ප්‍රදේශයට කිලෝමීටර 56ක් දුරින් පිහිටි ස්ථානයකින් රිච්ටර් මාපාංක 3.6ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනයකම්පනයක් වාර්තා වීම එම සාකච්ඡාවට පදනම වුණා.

සෑම වසරකම සෙන්ටි මීටර පහක් පමණ චලනය වන ඉන්දියානු භූ තැටිය නිසා බටහිර නේපාලය සහ හිමාලය අතර පෙදෙස්වල ඕනෑම මොහොතක භූ කම්පන තත්ත්ව වාර්තා විය හැකි යැයිද ඉන්දියාවේ උත්තර්කන්ද්, පන්ජාබ් සහ හරියානා පෙදෙස් වලට එමගින් වැඩි බලපෑමක් එල්ලවනු ඇතැයි ද විද්‍යාඥයෝ අනාවැකි පල කළා.

මීට වසර දෙකකට පෙර හිමාලය ප්‍රදේශයට බලපෑ රිච්ටර් මාපාංක 5ක ඩබලත් වෙන් යුතු යුතු භූ කම්පනයක්ද කොළඹ ප්‍රදේශ දැනුනේ යැයි ද ඒ අනුව රිච්ටර් මාපාංක 8ක භූ කම්පනයක් වුවහොත් එය ලංකාවට තද බලපෑමක් කරනු ඇතැයි භූ ගර්භ විද්‍යා පිලිබද මෙරට ජේෂ්ඨ මහාචාර්යවරයෙකු වන අතුල සේනාරත්න මහතා අවධාරණය කළා.