2023 ජූලි 12, ප.ව. 7:20
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් වන නීතීඥ සුජීව සේනසිංහ මහතාට අයත් මහනුවර හන්තාන නිවාස යෝජනා ක්‍රමයේ ඇති නිවසක් හොරු බිඳ රුපියල් ලක්ෂ 5ට ආසන්න මුදල් හා භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව මහනුවර පොලීසිය පවසනවා.
සොරාගත් භාණ්ඩ අතර රන් බඩු, මුදල් සහ මෝටර් රථ බැටරියක් වන බව ඔහු පොලිසියට කළ පැමිණිල්ලක සඳහන් වනවා.
නිවසේ සේවකයන් වශයෙන් සිටි දෙදෙනකු විසින් මෙම භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවට සැකකරන බවට ඒ ඔහු ඊයේ (11) පොලිසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
සිද්ධියේ සැකකරුවන් මෙතක් හදුනාගෙන නැහැ.
මහනුවර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:04
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:03