hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ජනවාරි 04, පෙ.ව. 12:02



අංක විද්‍යාත්මක සිද්ධාන්තවලට අනුව 2024 වසරෙහි දින අංක සහ දෛව අංක සමාන වන මාස නොහොත් ‘මැජික් මාස’ දෙකක් ඇති බව පෙනේ. ඉන් එක් ‘මැජික්’ මාසයක් 2024 වසරෙහි ජනවාරි මාසය වන අතර අනෙක් ‘මැජික්’ මාසය 2024 වසරෙහි ඔක්තෝබර් මාසය වේ.

ඒ අනුව 2024 වසර තුළ ඉතා සුවිශේෂී සිදුවීම් සිදුවිය හැකි සහ බලාපොරොත්තු රහිත සිදුවීම් සිදු විය හැකි මාස 2ක් ලෙස 2024 වසරෙහි ජනවාරි මාසය සහ 2024 වසරෙහි ඔක්තෝබර් මාසය දැක්විය හැකිය.

විශේෂයෙන් මෙම වසර තුළ ප්‍රධාන මැතිවරණයක් පිළිබඳව බොහෝ දෙනකු කතාබහ කරන අතර ඒ පිළිබඳව වඩාත් තීරණාත්මක ආරංචි ලැබෙන්නටද 2024 වසරෙහි ජනවාරි සහ 2024 වසරෙහි ඔක්තෝබර් යන මාසවල ඉඩකඩ පවතින බව පෙනේ.

එමෙන්ම ලබන වසරෙහි එකී ජනවාරි සහ ඔක්තෝබර් මාසවල මහ සයුර තුළ ප්‍රබල භූ කම්පන ඇති වීමට ඉඩකඩ ඇති අතර එම භූ කම්පනවල බලපෑම නිසා ගොඩබිමෙහි කාලගුණයද සැලකිය යුතු ලෙස වෙනස් වන්නට ඉඩකඩ ඇත.

මීට අමතර ලෙස මෙම භූ කම්පන හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය පවා ක්‍රියාත්මක කිරීමට සිදුවිය හැකිය. එමෙන්ම 2024 වසරෙහි ජනවාරි සහ ඔක්තෝබර් මාසවලදී ලෝක මට්ටමින් පොළොව සෙලවීම්වලට සහ භූමිකම්පා වර්ධනය වීමටද ඉඩකඩ ඇත.

නව වසරෙහි අප්‍රේල් මාසය තුළ වැඩිම ග්‍රහ යුද්ධ සංඛ්‍යාවක් නොහොත් ග්‍රහ යුද්ධ 5ක් සිදුවීමට අනුවද 2024 වසරෙහි අප්‍රේල් 8 වැනිදා පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවීමට අනුවද 2024 වසරෙහි අප්‍රේල් මාසය තුළදී බෙහෙවින් ආන්දෝලනාත්මක සිදුවීම් අපේක්ෂා කළ හැකිය.ඒවායින් සමහරක් කැබිනට් මණ්ඩල සංශෝධන ඇතුළු දේශපාලන ක්‍ෂේත්‍රය සම්බන්ධ ආන්දෝලනාත්මක සිදුවීම් විය හැකිය.

එමෙන්ම 2024 වසරෙහි අප්‍රේල් 8 වැනිදා සිදු වන සූර්ය ග්‍රහණය ජල රාශියක් වන මීන රාශිය තුළ සිදුවීමට අනුවද 2024 වසරෙහි සැප්තැම්බර් 18 වැනිදා සිදුවීමට නියමිත අර්ධ චන්ද්‍රග්‍රහණය ජල රාශියක් වන මීන රාශිය තුළ සිදු වීමට අනුවද 2024 වසර තුළද ජල විපත්වලට ඉඩකඩ ඇති අතර 2024 වසරෙහි අප්‍රේල් මස මධ්‍යභාගයෙහි සහ 2024 වසරෙහි සැප්තැම්බර් මස අග භාගයෙහි මෙම අවදානම උපරිම වෙයි.

සමස්ත ග්‍රහ ගෝචරයන්ට අනුව 2024 වසරෙහි මාර්තු 15 වැනිදාත්, 2024 වසරෙහි අප්‍රේල් 23 වැනිදාත් අතර කාල සීමාව තුළ ගුවන් ගමන්වලට බාධා සහ ගුවන් යානා අනතුරු පෙන්නුම් කෙරේ. එනම් එම කාලසීමාව තුළ විශාල මගීන් ප්‍රමාණයක් රැගෙන යන ගුවන් යානාවක් කඩා වැටෙන්නට පවා ඉඩකඩ පවතින බව පෙනේ.

මේ වන විට කුම්භ රාශිය තුළ ඉතා ප්‍රබල චලිතයක් පවත්වා ගෙන යන ශනි ග්‍රහයා 2024 වසර මුළුල්ලේම කුම්භ රාශිය තුළ චලිත වන බව පෙනේ. ඒ අනුව 2024 වසර තුළ දේශපාලනයට සම්බන්ධ පරිණත, ප්‍රභූ, නායක මට්ටමේ කාන්තාවක් පිළිබඳව රටෙහිම අවධානය යොමු වන ආකාරයේ සිදුවීමකට ඉඩකඩ පවතින බව පෙනේ.

එමෙන්ම සමස්ත ග්‍රහ ගෝචරවලට අනුව මීළඟට පැවැත්වෙන ජාතික මට්ටමේ මැතිවරණයෙන් පසුව බිහිවෙන ආණ්ඩු බොහෝ දුරට ස්ථාවර වන බව පෙනේ. කුමන ගැටලුවලට මුහුණ පෑමට සිදුවුවද 2024 වසර තුළ ජනතාවට නැවුම් බලාපොරොත්තුවක් සහිතව ප්‍රබෝධයෙන් කාලය ගත කිරීම සඳහා අවස්ථාව ලැබෙනු ඇත.

2024 වසරෙහි ජුනි 1 වැනිදාත්, 2024 වසරෙහි ජූලි 12 වැනිදාත් අතර කාලසීමාව තුළ දේශපාලන ක්‍ෂේත්‍රය අමුතුම ආකාරයකට උණුසුම් විය හැකි බව පෙනේ. එනම් එම කාලසීමාව තුළ හිටපු රාජ්‍ය නායකයකුගේ ජීවන ක්‍රමය වෙනස් වන ආකාරයට අලුත් ආරංචියක් ලැබීමක් හෝ අලුත් සිද්ධියක් සිදුවීමක් පෙන්නුම් කරේ.

තවද සමස්ත ග්‍රහ ගෝචරවලට අනුව 2024 වසරෙහි පෙබරවාරි 5 වැනිදාත්, 2024 වසරෙහි මාර්තු 15 වැනිදාත් අතර කාලසීමාව තුළ විපක්ෂය නියෝජනය කරන නායක මට්ටමේ දේශපාලනඥයකු පිළිබඳව අලුත් ආරංචියක් ලැබීමක් හෝ අලුත් සිද්ධියක් සිදුවීමක් පෙන්නුම් කෙරේ.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: