hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2023 ජනවාරි 20, ප.ව. 10:12



නුවරඑළිය – නානුඔය ප්‍රදේශයේදී අද (20) පස්වරුවේ මාරක රිය අනතුරක් සිදුවී තිබෙනවා.

විනෝද චාරිකාවක් සඳහා පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක්, වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් අද (20) පස්වරුවේ එම අනතුර සිදුවී තිබුණා.

නානුඔයදී සිදුවූ එම රිය අනතුරෙන් 07 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා.

බස් රථයේ ගමන් කළ පාසල් ළමුන් 41ක් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද වාර්තා වෙනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ වෑන් රථයේ සිටි 06 දෙනෙකු සහ ත්‍රීවිල් රථයේ සිටි පුද්ගලයෙකි.

අනතුරට පත් පාසල් බස් රථයේ ගමන් කර ඇත්තේ කොළඹ  තර්ස්ටන් විද්‍යාලයේ දරුවන් පිරිසක්.

https://youtu.be/CfTrQp3fEj0