2023 මැයි 09, පෙ.ව. 10:05
            
බම්බලපිටිය මුහුදු බඩ මාර්ගයේ නතර කර තිබූ මෝටර් රථ දෙකක හප්පාගෙන පලා ගිය ජීප් රථය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය කළ විමර්ශනයේදී හිටපු අමාත්‍යවරයකුගේ පුතකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඔහු සුළු තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. සැකකරු වයස අවුරුදු 18ක පුද්ගලයෙක්.
ඉකුත් 5 වැනිදා අලුයම 3.30ට පමණ සුඛෝපභෝගී ජීප් රියකින් අධික වේගයෙන් පැමිණි සැකකරු වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙස නතර කර තිබූ මෝටර් රථ දෙකක ගැටී තිබෙනවා.
එය ඒ අසල තිබූ සීසීටීවී කැමරාවකද පටිගත වී තිබෙනවා.
මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා කපා තිබූ කානුවකින් බේරීම සඳහා රථය දකුණු පසට ගැනීමේදී ලිස්සා ගොස් දකුණු පස තිබූ මෝටර් රථ දෙකේත් විදුලි කණුවේත් ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසියට ලැබුණු තොරතුරුවල සඳහන් වෙනවා.
නවතා තිබූ මෝටර් රථ දෙකේද අනතුර වන අවස්ථාවේ කිසිවකු සිට නැතැයිද පොලිසිය කියයි.
අනතුරට ලක්වූ ජීප් රිය තුළ අමාත්‍යවරයාගේ පුතා ඇතුළු තිදෙනකු සිට තිබෙනවා.
අත්අඩංගුවට ගත් අමාත්‍යවරයාගේ පුත්‍රයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
බම්බලපිටිය පොලිසියේ රථවාහන අංශය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
                                                        2025 නොවැම්බර් 04, ප.ව. 2:50
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:07