hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 05, ප.ව. 8:13



පොලිස් රථවාහන අංශයේ නිලධාරියෙකු කොළඹ ටොරින්ටන් චතුරශ්‍රය ආසන්නයේ රාජකාරියේ යෙදෙමින් සිටියදී අනතුරට ලක්ව බරපතළ තුවාල ලබා තිබෙනවා.

අදාළ පොලිස් නිලධාරියා කුරුඳුවත්ත පොලිසියට අනුයුක්තව සේවය කරන වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සිදුව ඇත්තේ කොළඹ නෙලුම්පොකුණ රඟහළ දෙසින් නිදහස් චතුරශ්‍රය දෙසට පිවිසීමේදී CCC ක්‍රීඩාංගණය අසළ පිහිටි වටරවුම ආසන්නයේදීය.

පොලිිස් නිලධාරියාගේ ගැටුණු වාහනය පසුව ඒ ආසන්නයේ තිබූ වතුර පොකුණක ගැටී නතරව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම රථය පදවා ඇත්තේ උසස් පොලිස් නිලධාරියෙකුගේ පුත්‍රයෙකු බවයි සඳහන් වන්නේ.

අනතුර සිදුකළ රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තා.

Example Image