hit counter

2024 දෙසැම්‍බර් මස 27 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 10, පෙ.ව. 9:20



වව්නියාව හොරොව්පතාන ප්‍රධාන මාර්ගයේ කෝවිල් කුලම් ප්‍රදේශයේ දී ඊයේ (09) රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්වීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් දෙදෙනෙකු මියගොස් තවත් 05 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවට වවුනියාව පොලීසිය පවසයි.

වව්නියාව මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අයත් මෙම ඩිපෙන්ඩර් රථය මඩුකන්ද සිට වව්නියාව දෙසට ගමන් කරමින් සිටියදී කෝවිල්කුලම් ප්‍රදේශයේ දී අයාලේ යන ගවයෙකුගේ ගැටීම හේතුවෙන් ඩිෆෙන්ඩර් රථයේ වේගය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය දෙපස පිහිට තාප්පයක්ද කඩාගෙන රථය පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

ප්‍රදේශවාසීන් පවසා සිටින්නේ අයාලේ යනඅයිතිකරුවන් විසින් ගාල් නොකිරීම හේතුවෙන් මෙම ප්‍රධාන මාර්ගයේ මීට පෙරද අවස්ථා කීපයකදීම අනතුරු සිදුවීම හේතුවෙන් පුද්ගලයන් මිය යෑම සහ තුවාල සිදුවීම් සිදු වුණද මෙතෙක් මෙම අයාලේ ගමන්කරන ගවයින් පාලනය කිරීමට බලධාරීන් හෝ ගවයින් අයිතිකරුවන් විසින් කිසිදු පියවරක් ගෙන නොමැති බවටයි

මෙම අනතුරින් මියගොස් ඇත්තේ මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල් 38778 ප්‍රදීපන් සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල් 27287 මදුෂංඛ යන නිලධාරීන් වෙයි.

එමෙන්ම අනතුරින් තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පස් දෙනාගේ තත්ත්වය ද බරපතළ බවට වව්නියාව මහරෝහලේ වෛද්‍යවරුන් වැඩිදුරටත් පවසා සිටි අතර වව්නියාව පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.