hit counter

2024 ජූලි මස 08 වන සඳුදා

2024 ජූලි 05, පෙ.ව. 11:44



පෑලියගොඩ පුත්තලම මාර්ගයේ ඉරට්ටකුලම ප්‍රදේශයේදී ඊයේ(04) උදෑසන සිදුවූ මාරක රිය අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් අයෙකු කොළඹ ජාතික රෝහලේදී ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ, අනුව මේ වන විට දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය අනෙක් පුද්ගලයා අවුරුදු 30 ක් වූ හල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචි, අනතුරට පත් බස් රථයේ රියදුරුය.

එමෙන්ම අසාධ්‍ය තත්වයේ පසුවන තවත් තුන්දෙනෙකු හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනේෂ් කොග්ගල සදහන් කළ බවත්,ඒ අතර එම රෝහලේම වෛද්‍යවරයෙකු ද සිටින බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

කොළඹ දෙස සිට හලාවත දෙසට ධාවනය වූ ලංගම බස් රථය මාර්ගය හරහා ඇදීගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් සිමෙන්ති පටවාගෙන පැමිණි ලොරි රථයක ගැටී මෙම මාරක රිය අනතුර සිදුවී ඇති අතර දැනට අනාවරණය වී ඇති තොරතුරු අනුව බස් රථයේ හටගත් කාර්මික දෝෂයක් මෙම අනතුරට හේතු වී ඇත.

මින් බස් රථයේ හා ලොරි රථයේ ගමන් කල 23 දෙනෙකු තුවාල ලබා හලාවත හා මාදම්පේ රෝහල් වෙත ඇතුලත් කෙරුනි.

මාදම්පේ පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.