hit counter

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2024 අගෝස්‍තු 21, ප.ව. 7:31



දක්ෂිණ අධිවේගයේ බද්දේගම හුවමාරුව ආසන්නයේදී අනතුරක් සිදුව තිබෙනවා.

මෙහිදී කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් වම් පස ආරක්ෂිත වැටේ ගැටී ඉන් අනතුරුව එය නැවතත් දකුණු පස ආරක්ෂිත වැටේත් ගැටී ඇති බව සඳහන්.

පසුව මෝටර් රථයට පිටුපසින් පැමිණි සුඛෝපබෝගී බස් රථයක එය ගැටී ඇති අතර, එහි සිටි තිදෙනෙක් බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.