hit counter

2025 සැප්‍තැම්‍බර් මස 05 වන සිකුරාදා

2025 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 11:39



ඊයේ (04) රාත්‍රීයේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ සිදුවූ අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

මේ වනවිට අනතුරින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර පොලීසිය පවසන්නේ අනතුරින් මිය ගිය සෙසු පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු සහ බස් රථයේ රියදුරු ද සිටින බවය. 

අනතුරින් තුවාල ලැබූ 18 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වලට ඇතුළත් කර ඇති අතර තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විනෝද චාරිකාවක් සඳහා පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී තිබුණි.

අනතුරට පත් පුද්ගලයින් මුදාගැනීම සඳහා පොලීසිය, යුද හමුදාව, ගුවන් හමුදාව,ගිනිනිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ප්‍රදේශවාසින් මහත් පරිශ්‍රමයක් දරා තිබුණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: