2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 1:15
ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී සිදුවූ බස් අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තවත් 18 දෙනෙකු තුවාල ලැබූ අතර, එම අනතුර සම්බන්ධයෙන් අදාළ ජීප් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට පත් බස් රථයට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය පැදවූ රියදුරු පොලීසියට පවසා ඇත්තේ ප්‍රතිවිරුද්ධ දෙසින් අධික වේගයෙන් පැමිණි බස් රථය තම රථය දුරතියා නොදකින්නට ඇතැයි තමා සිතනා බවයි.
ආ වේගය පාලනය කරගන්නට බැරිවීම නිසා තම රථයේ ගැටීමත් සමඟ වම් පැත්තට කපා ආරක්ශිත වැටෙහිද වැදී පහළට ඇද වැටුනු බව ජීප් රියදුරු පවසා තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ, අනතුරට හේතුව බස් රථයේ අධික වේගය සහ ඒ හේතුවෙන් රියදුරුට එය පාලනය කර ගැනීමට නොහැකි වීම බවට සැක කරන බවයි.
මියගිය පුද්ගලයින් 16 දෙනා අතර ළමුන් නොමැති නමුත්, තුවාල ලැබූ 18 දෙනා අතර ළමුන් 5 දෙනෙකු සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේය. බස් රථයේ ගමන් කර ඇත්තේ තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් හා ඔවුන්ගේ පවුල්වල අය බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර 2002 වසරේ මෙම ස්ථානයේ මේ ආකාරයේම බස් අනතුරකින් 21 ක් මියගිය බවත් වාර්තා වෙයි.
2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 1:24
2025 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 11:39
2025 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 8:15
2025 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 7:51
2025 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:13
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25