hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 15, ප.ව. 6:59



සීඝ්‍රගාමී දුම්රියේ ගැටළු සුඛෝපභෝගී මෝටර් රථයක සිටි පුද්ගලයෙක් එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි ගනේමුල්ල පොලිසිය පවසයි.

පුද්ගලයා කුමන ප්‍රදේශයක අයෙක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.

මහනුවර සිට කොළඹ බලා ගත් සීඝ්‍රගාමී දුම්රියේ ගැටුනු මෝටර් රථය  මීටර් සියයක් පමණ ඉදිරියට ඇදී ගොස් දුම්රිය ස්ථානයේ පදික වේදිකාව මත සිරවී උඩට විසි වී ඇතැයි පොලීසිය සඳහන් කළා.

අනතුරින් මෝටර් රථයට බරපතල අලාභ සිදු වී තිබෙනවා.

ගනේමුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.