2023 ජූලි 22, ප.ව. 1:15
ලංකාවේ ජනප්‍රිය චිත්‍රපට මෙන්ම ටෙලිනාට්‍ය නිළියක් සහ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් අතර අද (22) අළුයම ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් විභාග කල බව පානදුර දකුණ පොලිසිය පවසනවා.
අද අළුයම 2ට පමණ පානදුර නගරයේ ප්‍රසිද්ධ පාසලක් අසල නිවසක් ඉදිරිපිටදී මෙම ආරවුල සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.
අධ්‍යක්ෂකවරයා සිය මෝටර් රථයෙන් අළුයම 2ට පමණ නිළිය හමුවීම සදහා ඇය රැදී සිටී පානදුර නගරයේ ප්‍රධාන පාසලක් අසල පිහිටී නිවසට පැමිණ ඇති අතර එහිදී ආරවුල සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
තමන්ට පහරදී මෝටර් රථයේ යතුර අධ්‍යක්ෂකවරයා ලබගත් බවට ජනප්‍රිය නිළිය සහ තවත් කාන්තාවක් විසින් පැමිණිල්ලක් කර ඇති අතර , තමාගේ ලක්ෂ 75කට ආසන්න මුදලක් ඇය වෙනුවෙන් වැයකර ඇති බවත්, අද අළුයමද ජංගම දුරකථනය සහ ලක්ෂ තුනහමාරක පමණ මුදලක් සහ මෝටර් රථයේ යතුරද ලබාගත් බවට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයාද පැමිණිල්ලක් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල දෙපාර්ශවයට කරුණු අවබෝධ කරදීමෙන් පසු පැමිණිලි ඉල්ලා අස්කර ගෙන සමතයකට පත්වූ බවත් , අවවාද කර පිටත්කර යැවූ බවයි සඳහන් වෙන්නේ.
පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකරගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වෙන්නේ.
2024 දෙසැම්බර් 23, ප.ව. 5:10
2024 දෙසැම්බර් 23, ප.ව. 4:55
2024 දෙසැම්බර් 23, ප.ව. 4:06
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:12
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34
05-12-24
05-12-24
02-12-24
02-12-24
23-11-24
23-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
21-11-24
21-11-24
21-11-24
21-11-24
21-11-24
21-11-24
19-11-24
19-11-24
18-11-24
18-11-24
10-11-24
10-11-24
06-11-24
06-11-24