hit counter

2025 නොවැම්‍බර් මස 06 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 19, ප.ව. 5:31



අසාධ්‍යව සිටින අග්බෝ ඇතුට හා එම මෙහෙයුමට එක්ව සිටි සියල්ලටම සෙත් පතා ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමි සහ උපුල්වෙහෙර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පුජ්‍ය ධාගම ධම්මාලංකාර හිමිපාණන් වහන්සේලා ඊයේ (18) පිරිත් සජ්ජායනාවක් පැවැත්වුවා.

එම පිරිසට පිරිත් සජ්ජායනා කිරිමෙන් අනතුරුව, අග්බෝ ඇතුට ජලය ලබා දෙන ජල බඳුන් වලට පිරිත් පැන් එකතු කිරීමට කටයුතු කරනු ලැබුවා.

වනජීවි නිලධාරින් එක්ව අග්බෝ ඇතාට ආහාර ලබා දීමට කරයුතු කල අතරම, ඇතා ආහාර ගන්නා ස්ථානයේ ඇතාට අවහිරයක් නොවන පරිදි පිරිත් නුලක් පාදවල ස්පර්ශ වන අන්දමින් තබා පිරිත් සජ්ජායනා කරනු ලැබුවා.

ඒ අවස්ථාවේ අග්බෝ හස්තියා තම හොඩයෙන් පිරිත් නුල රැගෙන තම අසාධ්‍ය කකුලේ දවටා ගන්න අයුරුද දැක ගන්නට ලැබුනා.

පිරිත් අවසන් වනතුරුම ඇතු පිරිත් නුල ඉදිරි අතෙන් පාගාගෙන නිසොල්මනේ ආහාර ලබා ගනු ලැබුවා.