hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 02, ප.ව. 7:42



ජනාධිපති ලේකම්වරයාට 2024 පෙබරවාරි19 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඇහැලේපොළ වලව්ව දළඳා මාළිගාව වෙත පවරාදීම පිලිබඳ අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර නිර්දේශයක් නිකුත් කරන ලෙස සිදුකල දැනුම්දීමට අනුව, වාර්තාවක් ඉදිරිපත්වී ඇති අතර එමඟින් අදාළ ගොඩනැගිල්ල ශ්‍රී දළදා මාළිගාව වෙත පවරා දීම සුදුසු බවට නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව, ඇහැලේපොළ වලව්ව සහ ඊට අයත් භූමිය පූජා ඔප්පුවක් මඟින් ශ්‍රී දළදා මාළිගාව වෙත පවරා දීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ඇහැලේපොළ පවුල ප්‍රමුඛ වසර ගණනකට එපිට මහනුවර රාජධානියේ ශ්‍රී විභූතිය හා එම වටපිටාව නිරූපණය වන අයුරින් මෙම ගොඩනැගිල්ල තුල කෞතුකාගාරයක් ගොඩනැගීමටත්, එමඟින් ඉතිහාසය පිළිබඳ කතාපුවත වර්තමාන ජන සමාජය වෙත ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කිරීමට සහ විදේශීය සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමත් අරමුණු කර ගනිමින් ශ්‍රී දළදා මාළිගාව විසින් ඇහැලේපොළ වලව්ව ආශ්‍රිතව ව්‍යාපෘතියක් සකස් කිරීමට සැලසුම් කර ඇත.