2023 පෙබරවාරි 12, ප.ව. 2:39
ධාවනයේ දී වායු බැලූන ක්‍රියාකාරිත්වය ඇතුළු අනාරක්ෂිත බව හේතුවෙන් ලෝකය පුරා ආපසු කැඳවන ලද විවිධ මෝටර් රථ කාණ්ඩ හා මාදිලිවලට අයත් මෝටර් රථ වාහන ලක්ෂ 07කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිටත් මෙරට තුළ ධාවනයේ යෙදෙන බව වාර්තා වනවා.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා සඳහන් කළේ වායු බැලූන ක්‍රියාකාරිත්වයේ දී රියදුරාට ඉතා අවදානම් විය හැකි වර්ගයේ මෝටර් රථ ඇතුළු සුපිරි පන්නයේ ජීප් රථ ද මෙලෙස මාර්ගයේ ධාවනය වන බවට තහවුරු වී ඇති බවයි.
නිෂ්පාදන දෝෂ සහිත නිසා එම කාණ්ඩයන්ට අයත් වාහන ලෝකයේ සෙසු රටවල ආපසු කැඳවා ඒවායේ වායු බැලූන යළි සකස් කර ඇතත් මෙරට එම කාණ්ඩයන්ට අයත් වාහන කිසිදු පරීක්ෂාවකින් තොරව ධාවනය කරන බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සාක්ෂි හමු වී තිබෙනවා.
මේ වනවිටත් වාහන ආනයනික ඒජන්ත සමාගම් විසින් අදාළ අවදානම් කාණ්ඩ සහිත වාහන හිමිකරුවන් සම්බන්ධ විස්තර මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන එම වාහන යළි කැඳවීමට පියවර ගනිමින් සිටින බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මෑතකදී මෙරට සිදුවූ අනතුරකදී තරුණ විද්‍යාඥයෙකුගේ දිවි අහිමිවීමට වායු බැලුනයේ දෝෂයක් හේතුවී තිබීම හේතුවෙන් ඒ පිළිබඳ සිදුකළ විමර්ශනයකදී එම කරුණු අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව අවදානම් කාණ්ඩයට අයත් මෝටර් රථ කාණ්ඩ හා මාදිලි 47ක් මේ වන විට හඳුනාගෙන ඇති බවත්, එම වාහන ආනයනික ඒජන්ත සමාගම්වලින් අදාළ වාහන හිමිකරුවන් පිළිබඳ තොරතුරු ලබාගෙන වාහන යළි කැඳවීමට පියවර ගෙන ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසනවා.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
“සිදුවුණ මාරක රිය අනතුරත් එක්ක, හොයා ගත්ත කාරණය තමා AIR BAG එකේ තිබුණ යකඩ කැබැල්ලක් එයාගේ ගෙල ප්‍රදේශයේ වැදිලා තමයි අනතුරෙන් මියගිහින් තියෙන්නේ. ඊට අදාළව එම AIR BAG සවිකරපු වාහන මොනවා ද කියලා කාණ්ඩ ගැන හොයාගෙන අපි ලබන සතියේම ලෑස්ති කරලා තියෙනවා ඒ අදාළ AIR BAG ඒජන්තවරු දැනට ලියාපදිංචි කරලා කරලා තියෙන සියලු වාහනවල AIR BAG එක නැවත සවිකරලා දෙන්න අදාළ වැඩකටයුතු කරන්න.”
2025 මාර්තු 12, පෙ.ව. 12:28
2025 මාර්තු 12, පෙ.ව. 12:27
2025 මාර්තු 12, පෙ.ව. 12:26
2025 මාර්තු 12, පෙ.ව. 12:22
2025 මාර්තු 12, පෙ.ව. 12:21