hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 04, ප.ව. 12:52



කාලගුණ විද්‍යා දෙපාර්තු‍මේන්තු දත්තයන්ට අනුව නිරිත දිග මෝසම සක‍්‍රියවිමත් සමග ඇති විය හැකි අයහපත් කලගුණික තත්වය හමුවේ දිවයිනේ පලාත් කීපයකට ගංවතුර හා නාය යාමේ අවධානමක් ඇතිවිය හැකි බව අපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඇතිවිය හැකි අපදා තත්වයන්ට සහන සැලසිම හා මුදවා ගැනිමේ කටයුතු සදහා ගුවන් යානා හා ඊට අදාල භට පිරිස් ස්ථානගත කර සුදානමින් තැබිමට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් මේ වනවිට උපදෙස් ලබාදී ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය අංශය සඳහන් කළා.

ඉදිරියේ දි ඇතිවිය හැකි අපදා තත්වයන් පිළිබද නිරතුරු ගුවනින් නිරික්ෂණය කිරිම සදහා ගුවන් හමුදා නිරීක්ෂණ ගුවන් යනා මෙන්ම අපදා තත්වයක් ඇති වුවහොත් ජනතාව හට සහන සැලසිමට හා මුදවා ගැනිමේ මෙහෙයුම් සදහා ගුවන් හමුදාව සතු හෙලිකොප්ටර් යානා මෙන්ම මුදවා ගැනිම් සදහා සුවිශේෂි පුහුණුවක් ලබා ඇති ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා භට පිරිස් රත්මලාන, කටුනායක, හිඟුරක්ගොඩ යන ගුවන් හමුදා කදවුරු තුල සුදානමින් සිටින බව එම මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: