2026 මාර්තු 01, පෙ.ව. 1:46
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි රුසියාවට ගියේ දූෂිත ගල් අඟුරු සමාගමක් හමුවීමට නොවන බව බලශක්ති නි. අමාත්‍ය අක්‍රම් ඉල්ලියාස් පවසයි.
“සම්පූර්ණයෙන් වැරදියි. එතුමා වෙනම සමිට් එකකට ගියේ. සමිට් එකට ගිය වෙලාවේ ඉන්වෙස්ටර්ස්ලා ඇවිත් කතා කරන එක සාමාන්‍ය සිද්ධියක්. එතුමා ගියේ වෙන රාජකාරියක් වෙනුවෙන්.
ඒ වෙලාවට විවිධ අය ඇවිත් හමුවෙන අය හොයාගන්න අපට බෑ. මම ගියත් ඇවිත් සමහර විට මා එක්ක කතා කරයි. ඒ වගේ චෝදනා පාර්ලිමේන්තුවේ කරනවා. එළියේ කළොත් වෙන දේ දන්නවානෙ.”
ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ස්වර්ණවාහිනී රතු ඉර වැඩසටහනට එකතු වෙමිනි. හිටපු අමාත්‍ය කාංචන විජේසේකර සිය මිතුරුකම පදනම් කරගෙන ගල් අඟුරු ටෙන්ඩරය සමාගමකට ලබාදුන් බවට නි. ඇමතිවරයා චෝදනා කළ අවස්ථාවේ එම සමාගම හමුවීමට වර්තමාන ඇමතිවරයා රුසියාවට ගියේ මන්දැයි මාධ්‍ය වේදියා විමසූ අවස්ථාවේ ඊට පිළිතුරු දෙමිනි.
2026 මාර්තු 01, පෙ.ව. 1:52
2026 මාර්තු 01, පෙ.ව. 1:49
2026 මාර්තු 01, පෙ.ව. 1:43
2026 මාර්තු 01, පෙ.ව. 1:33
2026 පෙබරවාරි 28, ප.ව. 10:42