2026 පෙබරවාරි 26, පෙ.ව. 10:01
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නීතීඥ අලි සබ්රි සිය ‘X’ ගිණුමේ සටහනක් තබා ඇත.
විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ යනු එල්ටීටීඊ බුද්ධි ජාලය බිඳ දැමීම, එල්ටීටී උසස් නායකයින් ඉලක්ක කර ගත් බුද්ධි මෙහෙයුම් ක්‍රියාත්ම කිරීම සහ කේ.පී. වැනි එල්ටීටීඊ නායකයින් අත්අඩංගුවට ගැනීමට වැනි කටයුතු වලට සම්බන්ධ වී ක්‍රියාකළ නිලධාරියෙකු බව හිටපු අමාත්‍ය අලි සබ්රි සඳහන් කරයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ යුතු වූ විමර්ශනය වෘත්තීයමය සහ සාක්ෂි පදනම් කරගත් ක්‍රියාවලියක් විය යුතු බවත් ඒ වෙනුවට, අපට වැඩි වැඩියෙන් දකින්නට ලැබෙන්නේ සංකීර්ණ පරීක්ෂණයක් මහජන දර්ශනයක් බවට පරිවර්තනය වීම බවද හිටපු අමාත්‍ය අලි සබ්රි සඳහන් කරයි.
රටට අභියෝගාත්මකම කාල වලදී ජීවිත අවදානමද නොතකා සේවය කළ නිලධාරීන් අද දේශපාලන වාද-විවාදවල මැදට ඇද දැමීම බොහෝ දෙනා කනස්සල්ල ලක්වන කරුණක් බවද හිටපු අමාත්‍ය අලි සබ්රි සඳහන් කරයි.
ප්රජාතන්ත්රවාදී රටක නීතිය යටතේ වගකීම් භාරගැනීම අත්‍යවශ්‍ය වුවද, එය සාධාරණත්වයෙන්, සීමාවෙන් සහ ආයතනික අඛණ්ඩතාවයට ගරු කරමින් සිදුකළ යුතු බවද හිටපු අමාත්‍ය අලි සබ්රි සඳහන් කරයි.
ශ්‍රී ලංකාව සත්‍යය හා යුක්තිය සොයා යා යුතු නමුත් එය නීතිය, සාක්ෂි සහ වගකීම් සහිත නායකත්වය මත පදනම්ව සිදු විය යුතු අතර, ජනතාව වෙන්කර හෝ මඟ හැරවීම සඳහා නිර්මාණය කළ නාට්‍යමය ක්‍රියාමාර්ග මත නොවිය යුතු බවද හිටපු අමාත්‍ය අලි සබ්රි සඳහන් කරයි.
2026 පෙබරවාරි 26, ප.ව. 1:21
2026 පෙබරවාරි 26, ප.ව. 12:23
2026 පෙබරවාරි 26, පෙ.ව. 10:08
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:20
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:17
26-02-26
26-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
20-02-26
20-02-26
19-02-26
19-02-26
18-02-26
18-02-26
18-02-26
18-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
16-02-26
16-02-26
13-02-26
13-02-26