2023 මැයි 23, ප.ව. 8:54
නිතීවිරෝධි ලෙස රත්‍රන් රැගෙන ඒම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බව ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පවසනවා.
නිතීවිරෝධි ලෙස රත්‍රන් කිලෝ 3යි ග්‍රෑම් 397ක් මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අද පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැණුණා.
එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 74කට ආසන්න බවට ගණන් බලා තිබෙනවා.
මේ අතර මන්ත්‍රීවරයාගේ ගමන්මල්ලේ තිබී ජංගම දුරකථන තොගයක් ද සොයාගැනීමට රේගු පරීක්ෂක නිලධාරීන් සමත්ව තිබෙනවා.
එහි තිබී ස්මාට් ජංගම දුරකථන 91ක් හමුවී ඇති අතර එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 4.2ක් ලෙසට ගණන් බලා තිබෙනවා.


2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 11:14
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 9:51
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:10