hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 මැයි 24, පෙ.ව. 9:44



පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි මහතා විසින් නීතිවිරෝධී රත්තරන් සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරි පහසුකම් ඔස්සේ රැගෙන ඒම පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය අද (24) අලුයම 04.00 ට පමණ නිමා වී තිබූ බව රේගු ආරංචි මාර්ග පැවසුවා.

මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය රේගු ආදායම් සංරක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එන්.පී.පී.ප්‍රේමරත්න මහතා විසින් පවත්වා තිබූ අතර එහිදී මෙම මන්ත්‍රීවරයා විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනවිත් තිබූ රන් බිස්කට්, ස්වර්ණාභරණ සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගය රාජසන්තක කිරීමට නියෝග කර තිබූ අතර මෙම මන්ත්‍රීවරයාව රුපියල් ලක්ෂ හැත්තෑ පහක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබෙනවා.

මෙම මන්ත්‍රීවරයා මෙම දඩ මුදල අද (24) අලුයම ගෙවා දමා රේගු මූලස්ථානයෙන් පිටත්ව ගොස් තිබෙනවා.