hit counter

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2024 ජනවාරි 25, ප.ව. 4:02



ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව සිදුකරන සිව් මහා මංගල්‍යයන්ගෙන් ප්‍රථම මංගල්‍යය වන අලුත් සහල් මංගල්‍යය අද (25) දුරුතු පොහෝ දින සිදු කෙරුණා.

ශ්‍රී දළදා මාලිගාවේ කෙත් වතු වලින් නෙළාගන්නා ලද නැවුම් වී අස්වැන්නෙන් සැකසූ කිරිබත් දන්ත ධාතූන් වහන්සේ උදෙසා පූජා කිරීම එහිදී සිදු කෙරුණා.

තේවාව භාර මහා සංඝරත්නය සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු රාජකාරී භාර පිරිස් මෙම අවස්ථාවට සහභාගි වුණා.