hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජනවාරි 21, ප.ව. 6:14



මෙරට යාපනයේ ඉපිද 1982 දී ඉන්දියාවට සංක්‍රමණයවූ සුප්‍රසිද්ධ වයලින් වාදන ශිල්පී පන්ඩිත් ලක්ෂ්මීනාරායන සුබ්රමනියම් මහතාගේ පුත් , ඉන්දියානු සම්භාව්‍ය වයලීන් වාදනයේ නව රජු ලෙස කිරුළ දරන ඉන්දීය සංගීතඥ ආචාර්ය අම්බි සුබ්රමනියම් මහතාගේ සුවිශේෂී සංගීත ප්‍රසංගයක් 19 දින රාත්‍රී පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විණ.

ආචාර්ය අම්බි සුබ්රමනියම් මේ වන විටද සම්භාවනීය වයලීන වාදනය පිළිබඳ ජාත්‍යන්තර සම්මාන රැසක් ලබා ඇති අතර Ritz Icon සම්මානය, Rotary Youth Award, Global Indian Music Awards දෙකක් (GiMAs) සහ BiMA සම්මාන මෙන්ම හොඳම බටහිර සම්භාව්ය වයලීන වාදකයාට හිමි ෆිලෝමිනා තුම්බෝචෙට්ටි සම්මානයෙන් තෙවරක් ජයග්‍රාහකයා වූ අතර ඔහුට වයස අවුරුදු 18 දී ශ්‍රී ජයේන්ද්‍ර සරස්වතී වෙතින් රන් වයලීන සම්මානයද ලබා ඇත.

2021 දී, ඔහු GQ සඟරාවේ වඩාත්ම බලගතු තරුණ ඉන්දියානුවන් 25 දෙනා අතරට නම් කොට තිබෙනවා.

ලෝකයේ රටවල් රැසක  සම්භාවනීය වයලීන වාදන ප්‍රසංග ඉදිරිපත් කොට ඉමහත් ජනප්‍රසාදයට ලක්ව ඇති වෙනවා තරුණ අම්බී සුබ්රමනියම් සංගීතඥයාගේ ප්‍රසංගයක් ප්රථම වරට මෙරට පැවැත්වීමට අවස්ථාව ලැබීම පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලද සුවිශේෂි තත්ත්වයක් බවද මෙහිදී අදහස් පළ කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහතා මෙහිදී පැවසුවා.                  

ආචාර්ය අම්බි සුබ්රමනියම් හා ඔහුගේ කණ්ඩායම ඉදිරිපත් කළ සංගීත ප්රසංගය ඉතාමත් කන්කලු වූ අතර ඔහු ඇතුළු කණ්ඩායම විසින් සිංහල ගීත කීපයක් ද වයලීන් වාදනයෙන් ඉදිරිපත් කිරීම රසිකයන්ගේ දැඩි පැසසුමට ලක් වූවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා හා සංස්කෘතික සංගමය, ඉන්දියා ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය එක්ව සංගීත ප්‍රසංගය සංවිධානය කොට තිබූ අතර නොමිලේ පැවැත්වූ ප්රසංගය නැරඹීම සඳහා විශාල පිරිසක් එක්ව සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: