2023 දෙසැම්බර් 17, ප.ව. 4:17
කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා පිළිඹිඹු කරමින් 10 වන වරටත් සංවිධානය කරන ‘ආනන්දා ගී රංගා“ ප්‍රසංගය දෙසැම්බර් 18 වැනිදා සිට පුරා දින හයක් ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී ආරම්භ වේ.
දරුවන් 1500 ක් සහභාගී වන මෙම ප්‍රසංගය වේදිකා නාට්‍ය , ළමා ගීත, දේශාභිමාන ගීත, වලින් වර්ණවත් කිරීමට නියමිතය.
මෙමගින් රටට දැයට හිතැති සෞන්දර්ය මිනිසෙකු බිහි කිරීම මෙන්ම කලාව සාහිත්‍ය හා රසවින්දන පිළිබද අපූර්ව අත්දැකීම් ගොඩනැගීම උදෙසා ප්‍රාථමික අංශයේ දරුවන් යොමුකිරීම විදුහල්පති වරයා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ අපේක්ෂාවය.
“ආනන්දා ගී රංගා“ ප්‍රසංගයේ ආදායම පාසල් සංවර්ධන සමිති ගිණුම හරහා ප්‍රාථමික අංශය තුළ ඵලදායිතා සංකල්පය ක්‍රියාත්මක කරමින් සංවර්ධන කටයුතු සදහා යෙදවීම අරමුණ බව ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක පැවසුවා.
මෙම ප්‍රසංගය දෙසැම්බර් 18 , 19, 20, 21, 22 ,හා 23 දිනයන්හි පස්වරු 04.30 සිට ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
2025 අප්‍රේල් 02, ප.ව. 2:50
2025 අප්‍රේල් 02, ප.ව. 2:39
2025 අප්‍රේල් 02, ප.ව. 12:23
2025 අප්‍රේල් 02, පෙ.ව. 11:49
2025 අප්‍රේල් 02, පෙ.ව. 12:28