hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:16



ආපදා අවස්ථාවේ දෙස් විදෙස් බොහෝ පිරිස් මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන් ද ජනතාවට සහන සැලසීමට සිය මුදල් වෙන් කළ ද මන්ත්‍රීවරුන් 159 දෙනාගේ සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩල වැටුප් ද එකතු කර ගන්නා ජවිපෙ පැලවත්ත ගිණුමෙන් සත පහක් ජනතාවට සහන සැලසීමට ලබා නොදුන් බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසයි.

ඒ අතර සෞඛ්‍ය අමාත්‍යංශය බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලයට ලිපියක් යොමු කරමින් ආපදා කටයුතුවලට දිනක වැටුප පරිත්‍යාග නොකරන සේවකයන්ගේ ලේඛනයක් ඉල්ලා ඇතැයි ද ඔහු චෝදනා කරයි.

එපමණක් නොව ඉතිහාසයේ ප්‍රථම වතාවට ආපදා අවස්ථාවේ තෙල් සංස්ථා සේවකයන්ගේ ආපදා දීමනා නවතා දමා ඇතැයි ද එහෙත් සභාපති ඇතුළු ඉහළ නිලධාරීන් රු. හයලක්ෂ විසිපන්දහසේ සිට ප්‍රසාද දීමනා ලබා ගෙන ඇතැයි ද ආනන්ද පාලිත අනාවරණය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: