2025 නොවැම්බර් 20, පෙ.ව. 12:04
ආණ්ඩුවේ ජනප්‍රියතාව අඩුවීමත් සමග ජනාධිපතිවරයාගේ රැස්වීම් සඳහා සෙනග ඇදීමේ කාර්ය පොලිසියට පවරා ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසයි.
පසුගිය සමයේ ඉල් මහ සමරුවට පැමිණි ජනතාවගෙන් අවට මාවත් වැසී ගිය ද මෙවර එය විහාරමහාදේවී රංග පීඨයට සීමා වූ බවත් ඔහු පෙන්වා දෙයි.
මේ නිසා එළඹෙන 20 වෙනිදා තංගල්ලේ ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජනරැලිය සඳහා සෙනග රැගෙන එන ලෙස දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලිඛිතව ගාල්ල, මාතර සහ හම්බන්තොට පොලිස් ප්‍රධානින් වෙත දැනුම් දී ඇති බව ද ඩී.වී. චානක පෙන්වා දෙයි.
ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොලිසි විසින් ජනාධිපති අනුර දිසානායකගේ ජනරැලිය සඳහා ගෙන ආ යුතු සෙනග ප්‍රමාණය මෙසේය.
තංගල්ල පොලිසිය – 397
බෙලි අත්ත පොලිසිය – 420
වලස්මුල්ල පොලිසිය – 360
වීරකැටිය පොලිසිය – 414
මිද්දෙණිය පොලිසිය – 246
අඟුණුකොළපැලැස්ස පොලිසිය – 264
කිරින්ද පොලිසිය – 36
වරාය පොලිසිය – 36
තිස්සමහාරාම පොලිසිය – 198
ඒ ඒ පොලිස් වසම්වලින් අදාළ සංඛ්‍යාව රැගෙන එන්නේ ද යන්න වාර්තා කර ගැනීම සඳහා වෙනම පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවත් ආණ්ඩුවේ රැස්වීම් සඳහා සෙනග ඇදීමට සිදුවීම නිසා පොලිසිය කලකිරී ඇති බවත් ඩී.වී. චානක ප්‍රකාශ කරයි.
2025 නොවැම්බර් 20, පෙ.ව. 12:30
2025 නොවැම්බර් 20, පෙ.ව. 12:15
2025 නොවැම්බර් 20, පෙ.ව. 12:11
2025 නොවැම්බර් 20, පෙ.ව. 12:09
2025 නොවැම්බර් 20, පෙ.ව. 12:07
18-11-25
18-11-25
17-11-25
17-11-25
15-11-25
15-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
12-11-25
12-11-25
12-11-25
12-11-25
11-11-25
11-11-25