hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2026 මාර්තු 08, ප.ව. 7:18



මහා බරක් හිස මත තබාගෙන ඉකි ගසන ගැහැණුන් වෙත සිනා මුසු අනාගතයක් නිර්මාණය කිරීම සඳහා වැඩකරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කාන්තා දින සමරුව අමතමින් අද ප්‍රකාශ කළා.

” ඇය නැගිටින විට නැගිටිනවා රට” යන තේමාවෙන් මාලිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගනයේදී අති විශාල කාන්තා සහභාගීත්වයකින් මෙම සමරුව අද පෙරවරුවේ ආරම්භ වුනා.

“ජාතික ජන බලවේග ආණ්ඩුව හදන විට මෙහි රැස්වී සිටින සහෝදරියන් විසින් ඉටුකළ බව අප දන්නවා. අද මේ පිට්ටනිය පිරෙන්න සහෝදරියන් ඉන්නවා. තව දහස් ගණනක් මීට ඇතුළු වෙන්න බැරුව පාරේ ඉන්නවා.

ආණ්ඩුවක පාලනය හොඳද? නරකද?යන්න මනින්න තියන හොඳම මිම්ම වන්නේ කාන්තාවන් කොතරම් ප්‍රමාණයක් ආණ්ඩුව සමඟ ඉන්නවාද? නැද්ද? යන කාරණයයි.
අද මේ රැස්වීම අපේ ආණ්ඩුකරණයේ පොදු විශ්වාසය පිළිබඳ සංකේතයක්.

මහා බරක් හිස මත තබාගෙන ඉකි ගසන ගැහැණුන් වෙත සිනා මුසු අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අප වැඩකරමින් සිටිනවා ” යනුවෙන්ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.
ගැහැනු දරුවන් විදින දුක් කරදර පිළිබද අදහස් ප්‍රකාශ කරන අවස්ථාවේදී ජනාධිපතිවරයා අතිශය සංවේදී වන අයුරු ද මෙහිදී දක්නට ලැබුනා.