2024 නොවැම්‍බර් 07, පෙ.ව. 11:22
දැනට රට පුරා බෙදා හරින සියලු ඉන්ධන තම රජය යටතේ ගෙනවන ලද තෙල් නැවූ නොවන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කර සිටිනවා.
එනිසා එහි මිල පාලනයත් සම්බන්ධයෙන් මැදිහත් වීමට අසීරු බවයි හෙතෙම කියා සිටියේ.
එමෙන්ම පසුගිය රජයන් විසින් මෙරට තෙල් වෙළඳාමට කැඳවන ලද සමාගම් කිහිපයක් ඔවුන්ට තෙල් වෙළඳාමෙන් අලාභයක් සිදුවුවහොත් මෙරට රජයෙන් අය කර ගැනීම සඳහා ගිවිසුම්ගත වී තිබෙන බවද පැවසූ ඔහු එවන් එක් සමාගමක් දැනටමත් අලාභය රජයෙන් ඉල්ලා ලිඛිතව දැනුම් දී ඇති බවයි අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ.
ඔහු මේ බව කියා සිටියේ සිරස රූපවාහිනී නාලිකාවේ පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින්.
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:04
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:03