2025 ජනවාරි 22, පෙ.ව. 10:13
රජයේ සැලැස්මට අනුව ක්රියා නොකරන වී මෝල් වෙත හමුදාව යොදවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඊයේ(21) රාත්රීයේ සිරස රුපවාහිනිය ඔස්සේ විකාශය වූ සටන විශේෂ වැඩසටහනට එක්වෙමිනි.
රජය විසින් ලබාදෙන නියමයන්ට අනුව මහාපරිමාණ වී මෝල් හිමියන් කටයුතු නොකරන්නේ නම්, වී මෝලේ සිය වෙළඳසැලට සහල් ප්රවාහනය කෙරෙන අවස්ථාව දක්වා හමුදා නිරීක්ෂණය සිදුකෙරෙන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
සහල් යනු ජාතික දේපලක් බව පෙන්වාදුන් ජනාධිපතිවරයා, රජය කිසිදු ආකාරයක අසාධාරණ නියාමනයන් මෙතෙක් සිදුකර නැතැයි සඳහන් කළේය.
කිසියම් මෝල් හිමියකු ඊට අනුගත නොවන්නේ නම් එම මෝල හමුදා භාරයට ගෙන සහල් නිෂ්පාදනය කොට වෙළඳපොළට නිකුත් කරන බවට ද ජනාධිපතිවරයා අනතුරු අඟවයි.
දැනට පවතින පාලන මිලට වඩා සතයක් වැඩියෙන් ඉදිරියේදී සහල් අලෙවියට ඉඩ නොතබන බව සඳහන් කළ ජනාධිපති අනුර දිසානායක “බලමු හැප්පිලා” යැයි ද කීය.
2025 ජනවාරි 22, ප.ව. 12:35
2025 ජනවාරි 22, පෙ.ව. 10:08
2025 ජනවාරි 22, පෙ.ව. 9:47
2025 ජනවාරි 22, පෙ.ව. 9:38
2025 ජනවාරි 22, පෙ.ව. 9:33
22-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
21-01-25
21-01-25
21-01-25
21-01-25
21-01-25
21-01-25
21-01-25
21-01-25
21-01-25
21-01-25