2025 නොවැම්‍බර් 16, පෙ.ව. 12:07
ඉන්ධන දීමනා, වැටුප්, අනෙක් සියලු පහසුකම් සහ වාහන පහසුකම් සියල්ල ලබාදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධීකරණ ලේකම්වරු 29ක් පත්කර ගෙන සිටි බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
අද (15) දින අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ,
“අපේ ජනාධිපතිතුමා උපදේශකවරු 5 දෙනෙක් විතරක් පත් කරගෙන ඉන්නවා. ඒ 5 දෙනත් ස්වෙච්ඡාවෙන් වැඩ කරමින් ඉන්නවා. එහෙම තමයි සමාජයට ආදර්ශ දෙමින් තියෙන්නේ.
ජනාධිපති වැය ශීර්ෂය අනවශ්‍ය සියලු වියදම් කප්පාදු කරලා තියෙනවා. 39 වෙනුවට 5ක් පත් කරගෙන ඉන්නවා. ඒ 5 දෙනත් ස්වෙච්ඡාවෙන් වැඩ කරනවා. ඔවුන්ට ගෞරවයක් හැටියට මේ අවස්ථාවේ කියන්න ඕන.
ස්වෙච්ඡාවෙන් වැඩ කරන උපදේශකවරු 5 දෙනෙක් පමණක් තියාගෙන අපේ ජනාධිපතිතුමා වැඩ කරමින් ඉන්නවා. ඒ හින්දා මෙතන සාවද්‍ය ප්‍රකාශ කියවුණා. ඒ විතරක් නෙමෙයි.
රනිල් වික්‍රමසිංහ මහත්තයාට හිටියා සම්බන්ධීකරණ ලේකම්වරු 29ක්. ඉන්ධන දීමනා, වැටුප්, අනෙක් සියලු පහසුකම්, වාහන පහසුකම් සියල්ල දීලා තිබුණා. සම්බන්ධීකරණ ලේකම් 29යි. කෝටි ගණන් මුදල් වැය කරලා තිබුණා.
හිතවතුන්, ඥාතීන් සහ තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේ මැතිවරණයේදී පරාජය වු පිරිස් තමයි පත් කරලා තිබුණේ. හැබැයි අපි, ගරු ජනාධිපති අනුර දිසානායක සම්බන්ධීකරණ ලේකම්වරු එක්කෙනෙක් පත් කරලා තියෙනවා. එපමණයි.”
2025 නොවැම්‍බර් 16, පෙ.ව. 12:15
2025 නොවැම්‍බර් 16, පෙ.ව. 12:09
2025 නොවැම්‍බර් 16, පෙ.ව. 12:08
2025 නොවැම්‍බර් 16, පෙ.ව. 12:06
2025 නොවැම්‍බර් 16, පෙ.ව. 12:04