hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2023 ජූනි 01, ප.ව. 4:52



රූපවාහිනී නාලිකා ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය නිවැරදි නොවන බවත් එය අක්‍රමවත් සහ පක්ෂග්‍රාහී බවත් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා පවසනවා.

පසුගිය දා රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට සඳහන් කළේ ශ්‍රේණිගත කිරීම ගණනය කිරීම සඳහා දත්ත රැස් කිරීමේ අරමුණින් අහඹු ලෙස තෝරාගත් රූපවාහිනී යන්ත්‍ර 400 ක පමණ උපාංගයක් ස්ථාපනය කර ඇති බවයි.

නමුත් ප්‍රධාන මාධ්‍ය ආයතන තුනක් මෙම උපකරණවලින් සමන්විත රූපවාහිනී යන්ත්‍ර 300ක් පමණ මිල දී ගෙන ඇත්තේ ගණනය කිරීම් සිදුකරන ආයතනවලට මුදල් ලබාදීමෙන් බවත් ඒ නිසා එකතු කරන දත්ත සාවද්‍ය බවත් ඔහු පෙන්වා දුන්නා.

පෞද්ගලික මාධ්‍ය ආයතනවලට වඩා රාජ්‍ය මාධ්‍ය වගකීමෙන් කටයුතු කරන බැවින් නාලිකා ශ්‍රේණිගත කිරීම්වල ඉහළට නැගීමේ එකම අරමුණින් කටයුතු කළ නොහැකි බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

කෙසේ වෙතත් මෙලෙස සාවද්‍ය ශ්‍රේණීගත කිරීම් ප්‍රචාරය කිරීම වැළැක්වීමට හෝ ජනමාධ්‍ය අමාත්‍යංශය මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති වීම ද විශේෂත්වයක්.