2022 අගෝස්තු 07, පෙ.ව. 8:06
මැනිං පාවෙන වෙළෙඳසල් පරිශ්‍රය (ෆ්ලෝටින් මාර්කට්) අරගලකරුවන් වෙන් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
අරගලකරුවන්ගේ කලා කටයුතු වෙනුවෙන්ද ඒ ස්ථානයේ ඉඩ ප්‍රස්ථාව සලසා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.
අරගලකරුවන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ඔවුන්ට මේ බව දැනුම් දී තිබෙනවා.
මේ අතර ආණ්ඩු විරෝධී අරගලකරුවන් සහ පාලක කණ්ඩායම් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට දෙපාර්ශ්වය අතර එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තා වනවා.
ජන අරගලකරුවන් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර ඉකුත්දා (05) පැවති සාකච්ජාවේදී මේ අයුරින් එකඟතාවකට පැමිණ ඇතැයි පැවසෙනවා.
එමෙන් ම පනවා ඇති හදිසි නීතිය ඉවත් කිරීමට කටයුතු කරන්නැයි ද අරගලකරුවන් ජනපතිගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
හදිසි නීතිය පනවා ඇත්තේ මර්දනය ක්‍රියාත්මක කිරීමට නොව ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය අණ පනත් සම්මත කර ගැනීමට බව ජනපතිවරයා එහිදී අරගලකරුවන් හමුවේ අවධාරණය කොට තිබෙන බවයි වාර්තා වන්නේ.
අනීතිකව සිදුකරන සියලු අත්අඩංගුවට ගැනීම් වහාම නවතා අත්අඩංගුවට ගත් අය පිළිබඳව හා නීති කඩ කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට කොමිසමක් පත්කරන ලෙස අරගලකරුවන් ජනපතිවරයා හමුවේ පවසා තිබෙනවා.
ගාලු මුවෙදාර කේන්ද්‍ර කොටගත් අරගල භූමිය එම ස්ථානයෙන් ඉවත් නොකොට එය ප්රජාතන්ත්රවාදයේ සංකේතයක් ලෙස පවත්වා ගෙන යාමට අවකාශය සලසන්නැයි අරගලකරුවන් ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බවද වාර්තා වනවා.
අරගලයට සම්බන්ධ වූ පිරිස් හා රජය අතර සංහිඳියාව ගොඩනැඟීම සඳහා සියලු පාර්ශ්ව ඒකාබද්ධ කොටගත් කමිටුවක් ස්ථාපිත කරන ලෙස අරගලකරුවන් ඉල්ලීමක් කර ඇති අතර එයට පිළිතුරු දෙමින් එළඹෙන සතිය වන විට දෙපාර්ශ්වයට ම එකඟ විය හැකි යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවට ජනපතිවරයා පැවසූ බව අරගලකරුවන් සඳහන් කළා.
එමෙන් ම, පනවා ඇති හදිසි නීතිය හේතුවෙන් LGBTQ+ ප්‍රජාවට සිදුව ඇති අපහසුතා පිළිබඳවද අරගලකරුවන් ජනපතිවරයාගේ අවධානයට යොමු කර තිබෙනවා.
එහිදී එම ප්‍රජාව සම්බන්ධයෙන් ඇති ගැටලු සාකච්ජා කිරීමට එම ප්‍රජාව නියෝජනය කරන පිරිසකට අවස්ථාව ලබාදීමට ජනපතිවරයා සිය එකඟතාව පළකර ඇතැයි ද වාර්තා වනවා.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:05