2023 පෙබරවාරි 11, පෙ.ව. 5:23
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් මර්ධනය කොට බිය ගන්වා ඡන්දය ලබා ගැනිමට විපක්ෂය උත්සාහ කරනවා නම් ඒ අයට වැරදිලා බවත් අපේ පාක්ෂිකයින් කිසිදිනක මර්දනයට තර්ජනයට බිය වන්නේ නැති බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගාල්ලේ දි පැවසුවා.
නිවාස ගිනිබත් කිරිමට හා මන්ත්‍රිවරුන් ඝාතනය කිරිමට පැමිණි පුද්ගලයින් ජාතික ජන බලවේගයෙන් සහ සමගි ජනබලවේගයේ අපේක්ෂකයින් ලෙස ඡන්දය ඉල්ලනවා යැයි මන්ත්‍රිවරයා සදහන් කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රිකකයේ පළාත් පාලන ආයතන සදහා තරග කරන අපේක්ෂකයින් දැනුවත්කිරීම සදහා ගාල්ල සමෝදා උත්සවශාලාවේ පැවති රැස්වීමකින් පසුව මාධ්‍යවේදීන් අමතමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.
එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,
“අපේ පාක්ෂිකයින් මර්දනයට තර්ජනයට බිය වන්නේ නැහැ. ඔවුන් මානසිකසහ කායික වශයෙන් ඉතා ශක්තිමත් ගමට වැඩ කරපු පක්ෂයක් හැටියට පොදු ජන පෙරමුණට මෙම ඡන්දය ජය ගත හැකියි දේශපාලන අර්බුදයක් තිබේනම් එය දේශපාලනයෙන් විසදාගත යුතුයි. පාක්ෂිකයින්බිය ගන්වා ඡන්දය ලබාගැනීමට උත්සාහ දරන්නේ නම් එය සිහිනයක් පමණයි. අපි මානසික වශයෙන් ඉතාබලවත් ශක්තිමත් අපිව මරල දේපල ගිනිතියල අපි නවත්වන්න බැහැ. අපේ පාක්ෂිකයො බය කරන්න බැහැ. ඔබේ ඡන්දය ප්‍රතිපත්තිමය වශයෙන් පාවිච්චි කරන ලෙස අපි මේ රටේ ජනතාවගෙන් කාරුණිකවඉල්ලා සිටිනවා. එසේ නැතිව යම් කිසි දේශපාලන පක්ෂයක් පැමිණ ගහයි ද මරාදමයිද, ගිනි තබයි ද එවැනි තර්ජනය කරන පක්ෂ වලට ඡන්දය දෙන්න එපා. ඒක අපි ආදරයෙන් ඉල්ලනවා අසු ගණන්වල එවැනි ඉතිහාසයක් අපේ රටේ තිබුනා ඡන්දය දැම්මොත් මරණව කියල කිව්වා එවැනි කාලයක් තිබුනා. ඉදිරි මැතිවරණයේ දි ශ්‍රිලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ සන්ධානයට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනිමට හැකියි.”
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:28
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:25
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:21
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08