2024 ජූනි 26, පෙ.ව. 12:02
මේ දිනවල රටපුරා පොස්ටර්, කටවුට් හා අන්තර්ජාල බැනර ඔස්සේ “ආරංචිය සුබයි” යනුවෙන් පළ කරමින් ගෙනයන ප්‍රචාරණය ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනපතිවරණය වෙනුවෙන් ආරම්භ කළ ප්රචාරක ව්‍යාපාරයේ එක් කොටසක් බව වාර්තා වෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) රාත්‍රී ජාතිය අමතමින් මේ කියන ‘සුබ ආරංචිය’ ප්‍රකාශ කිරීමට නියමිතයි.
‘මම රට බංකොලොත් භාවයෙන් මුදවාගත්තෙමි’ යන්න එම ආරංචියයි.
ඒ සමගම ඔහු පවසන්නට යන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සංවර්ධනය වෙනසක් නොකර පවත්වායාමට අවශ්‍ය බවත් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන් නිවැරදි ආකාරයට ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය බවත් මේ නිසා තමාගේ ‘ජනපති තනතුර දිගටම රැකදීම’ අවශ්‍ය බවයි.
කොළඹ නගරය පුරා ‘ආරංචිය සුබයි’ යනුවෙන් සඳහන් දැන්වීම අලවා තිබූ අතර එම දැන්වීම් එජාපයේ නියෝජනය කරන කොළ පැහැයෙන් හා පොහොට්ටුවේ පැහැයන්ගෙන් සකේතවත් කර තිබෙන අයුරු හඳුනාගන්නට ලැබෙනවා.
ජනාධිපතිවරයා ජාතිය අමතමින් සිදු කරන විශේෂ ප්‍රකශය අද (26) රාත්‍රී 8.00ට ඒෂියන් මිරර් ෆේස්බුක් සහ යූටියුබ් නාලිකාව ඔස්සේ බලාපොරොත්තු වන්න.
2025 ජනවාරි 15, ප.ව. 1:03
2025 ජනවාරි 15, පෙ.ව. 11:48
2025 ජනවාරි 15, පෙ.ව. 11:43
2025 ජනවාරි 15, පෙ.ව. 12:04
2025 ජනවාරි 15, පෙ.ව. 12:04
15-01-25
15-01-25
15-01-25
15-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
12-01-25
12-01-25
11-01-25
11-01-25
11-01-25
11-01-25
10-01-25
10-01-25