2025 නොවැම්‍බර් 15, පෙ.ව. 12:11
වරායෙන් නිදහස් කරන ලද මතභේදාත්මක කන්ටේනර් තුළ අඩංගු වූයේ අවි ආයුධ බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී නැවත වරක් අවධාරණය කළේය.
කතානායකවරයාගේ අවසරය ඇතිව විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
මෑතකදී තමන් යුරෝපයේ කළ සංචාරයකදී මෙම සිදුවීමට අදාළ තවත් ලියකියවිලි තමා වෙත ලැබුණු බවද ඔහු එහිදී හෙළිදරව් කළේය.
ප්‍රකාශය කරමින් අර්චුනා රාමනාදන් මහතා මෙසේ පැවසීය:
“මේවා බිමල් ඇමතිතුමා ඉද්දී නිදහස් කරපු කන්ටේනර්. මම යුරෝපයේ සංචාරය කරපු වෙලාවේ මට තවත් ලියකියවිලි හම්බ වුණා. ඒ කන්ටේනර් තුන්සිය විසි තුනේ තිබුණේ අවි ආයුධ තමයි. ඕන නම් මාව සීඅයිඩියට ගෙනියන්න. සීඅයිඩියට විතරක් නෙවෙයි ඉන්ටපෝල් වුණත් ගෙනියන්න.”
“කන්ටේනර් වාර්තාව දාන්න කියන්න. කොමිටිය පත් කරන්න. ඇයි මාව විතරක් ඇද ගන්නේ? මම නැවත කියනවා ඒවායේ තිබ්බේ ආයුධ තමයි. මම වගකීමෙන් කියන්නේ.”
මෙම ප්‍රකාශයත් සමඟ සභාවේ කතාබහක් ඇති වූ අතර, එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා, “එතුමා පැහැදිලිව කියනවා ආයුධ තිබුණා කියලා. සනාථ කරන්න පුළුවන් කියලත් කියනවා. එතකොට ඒ කන්ටේනර් නිකුත් කරපු ඇමතිවරයා මොකද කියන්නේ? මේක බරපතළ කාරණයක්,” යැයි පවසමින් සිද්ධියේ බරපතළකම පෙන්වා දුන්නේය.
2025 නොවැම්‍බර් 15, පෙ.ව. 12:12
2025 නොවැම්‍බර් 15, පෙ.ව. 12:11
2025 නොවැම්‍බර් 15, පෙ.ව. 12:09
2025 නොවැම්‍බර් 15, පෙ.ව. 12:08
2025 නොවැම්‍බර් 15, පෙ.ව. 12:08
15-11-25
15-11-25
15-11-25
15-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
12-11-25
12-11-25
12-11-25
12-11-25
11-11-25
11-11-25
11-11-25
11-11-25
11-11-25
11-11-25
10-11-25
10-11-25
09-11-25
09-11-25