hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 නොවැම්‍බර් 25, ප.ව. 5:14



දස වන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේදී විපක්ෂ නායකවරයාගේ සාම්ප්‍රදායික පුටුව සම්බන්ධයෙන් ඇති වූ සිද්ධිය පිළිබඳව ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටි බව මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පවසනවා.

සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඔහු සඳහන් කළේ, මන්ත්‍රීවරයන් වෙනුවෙන් සංවිධානය කර තිබෙන දැනුවත් කිරීමේ වැඩමුළුවේදී ඊට අදාළ සමාව ගැනීම සිදු කළ බවයි.

කිසිවෙකුටත් කරදයක් කිරීමේ අරමුණින්, අදාළ ආසනයේ අසුන් නොගත් බවත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු සියලු මන්ත්‍රීවරුන්ගෙන් සමාව ඉල්ලා සිටින බවත් රාමනාදන් අර්චුනා මහතා අවධාරණය කළා.