hit counter

2025 දෙසැම්‍බර් මස 13 වන සෙනසුරාදා

2025 දෙසැම්‍බර් 13, පෙ.ව. 12:12



තමන් වෙනුවෙන් ගෙන්වන කැබ් රථය සඳහා වෙන් කරන මුදල වතුකරයේ ආපදාවට පත් ජනතාවට ලක්ෂ 10 බැගින් බෙදා දෙන ලෙස තමන් ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන් පවසයි.

අවශ්‍ය නම් ලිඛිතව එය පාර්ලිමේන්තුවට දන්වන බව ද තමන් සඳහන් කළ බවත් මේ නිසා සෙසු 225 දෙනාට ඩබල් කැබ් ලැබී තමන්ට පමණක් නොලැබීමේ අවදානමක් ඇතැයි ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

ඔහු පෙන්වා දෙන්නේ තමන් දැන් ගමන් බිමන් යන්නේ ත්‍රීවිලරයක බවත් අවශ්‍ය නම් ත්‍රීවිලරයේ ගොස් වුව ද දේශපාලනය කළ හැකි බවයි.

කෙසේ වුව ද අනෙක් මන්ත්‍රීවරුන් 225 දෙනාට කැබ් රථ ලබා දෙන්නේ නම් තමන්ට ද එකක් උවමනා බව හෙතෙම සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: