hit counter

2025 ඔක්‍තෝබර් මස 19 වන ඉරිදා

2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:06



මෙරට සිදුවූ විශාලතම මුදල් වංචාව ලෙස සැලකෙන 2015 මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා දැනට සිංගප්පූරුවේ රැඳී සිටිනා බව පැවසෙන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා සමඟ වීඩියෝ ඇමතුමක නිරත වී සිටින ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුව මගින් රජයට විශාල මූල්‍ය පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වී සිටිනා අර්ජුන මහේන්ද්‍රන් අදාළ නඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා බලධාරීන් උත්සාහ දරමින් සිටී.

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා සිය මුහුනු පොතේ සටහනක් තබමින් පවසා ඇත්තේ වසර තුනකට ආසන්න කාලයකට පසුව අර්ජුන මහේන්ද්‍රන් මහතා තමා හා සම්බන්ධ වූ බවයි. 

ඔහු පවසන්නේ අර්ජුන මහේන්ද්‍රන් තමා සමග කරුණු කිහිපයක් සාකච්ඡා කළ අතර, ජනාධිපති අනුර දිසානායක මහතා වෙත උපදෙස් කිහිපයක් ලබා දෙන ලෙසද තමාගෙන් ඉල්ලීමක් කළ බවයි.

කෙසේවෙතත්, ජනාධිපතිවරයා වෙත අදාළ උපදෙස් යොමුකිරීමේ ඉල්ලීම තමා විසින් ප්‍රතික්ෂේප කළ බව පවසන කුරුකුලසූරිය මහතා මෙම සාකච්ඡාවට “බොහෝ කතා” ඇතුළත් වූ බවත්, තමා අර්ජුන මහේන්ද්‍රන් මහතා වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ හඳුනන බවත් සිය සටහනෙහි දක්වා ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: